Tuesday, August 16, 2011

ආබාධිත වොලිබෝල් ලෝක සූරයන් ඇගයේ



කාම්බෝජයේ පැවති ආබාධිත වොලිබෝල් ලෝක සූරතාවයේ දී තෙවන ස්ථානය සහ එම තරගාවලියේ හොදම ලිබරෝ ක්‍රීඩකයා වූ  එම්ඒ  බුද්ධික ඇගයීම සදහා එම සංචාරයේ දී ශ්‍රී ලංකා කණඩායමට සම අනුග්‍රාහකත්වය දැක් වූ ඩයලොග්  ආයයතනය විසින් සංවිධානය කරන්නට  සංචාරයේ යෙදුණ  චාම් උත්සවයක් ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ දී පැවත්විණ.එහි දී අදහස් දැක්වූ එම සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා මෙන්ම ආබාධිත වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ද වූ මේජර් ජෙනරාල්  පියල් අබේසේකර පැවසුවේ නූතණ තාක්ෂණය යොදා ගනිමින් ජර්මනිය වැනි රටවල් සාමාන්‍ය පරිදි ක්‍රියා කළ හැකි අන්දමට බොහෝ දුරට සමීප වූ  කෘතිම පාද යොදා ගනිමින් ශ්‍රී ලංකා යුධ හමුදාවට සම්බන්ධ මේ ක්‍රීඩක පිරිස දැක් වූ දක්ෂතාවය ඉතා ඉහළ ආඩම්බරයක් සහ සතුටක් දනවන්නට සමත් වූ බව පැවසීය.

මනුස්සකම හම්බකිරීම
මෙහිදී අදහස් දැක් වූ ඩයලොග් සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී නුෂාඩ් පෙරේරා ලාභය අපේක්ෂා නොකරන මෙවැනි මානූෂීය මැදිහත් වීම් සදහා තම ආයතනය නොපැකිළිව මැදිහත් වන බව පැවසීය.ඒ නිසා ජය අමතරව ලැබෙන වරප්‍රසාදයක් බව සිතා මෙවැනි ජනප්‍රිය තලයේ නොපවතින දේ පෝෂනය කිරීම සදහා ද මැදිහත් වන ලෙස සෙසු අනුග්‍රාහකත්වයන් ට ද පූර්වාදර්ශයක් දෙන්නට තමන් මෙම අනුග්‍රාහකත්වය හරහා මැදිහත් වූ බව පෙන්වා දුන්නේය.මෙම ප්‍රතිපත්තිය නිසා සිය ආයතනයට මුදල් තරමටම මිනිසුන් ද හම්බ කිරීමට හැකියාව ලැබී ඇති බව පෙන්වා දුන් නුෂාඩ්,මෙතරම් ඩයලොග් පාරිභෝගිකයන් සංඛ්‍යාවක් දිනා ගන්නට හැකි වී ඇත්තේ ද තමආයතනයේ එම ගුණාංගය නිසා බව ද පෙන්වා දුන්නේය.

ආබාධිත වොලිබොල් කණ්ඩායමේ සංචිතය
මෙහිදී වොලිබෝල් ක්‍රීඩාවේ දී ආබාධ මත ක්‍රීඩකයන් යෙදවිය යුතු ආකාරය පැහැදිළි කළ ආබාධිත වොලිබෝල් ක්‍රීඩාවේ ලාංකේය නිර්මාතෘ සහ වත්මන් ආබාධිත වොලිබෝල් සම්මේලන ලේකම් කරුණාරත්න වික්‍රමසිංහ ක්‍රීඩා පිටියේ තෙයාකාරයක ආබාධ සහිත සංචිතයක් නිරන්තරයෙන් රැදී සිටිය යුතු බව පැහැදිළි කළේය.ඒ අතරින් සී ගණයට වැටෙන්නේ උරහිසෙන් අත හෝ ඉණෙන් පාද ය වෙන් වූ අයෙකු ඊට අනිවාර්යයෙන් ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නේය.එසේම එම පිටියේ රැදෙන ක්‍රීඩක ගොන්නට අතේ හෝ පාදයේ සුළු ආබාධ සහිත එක් අයෙක් පමණක් ඇතුළත් කළ හැකි  බව පෙන්වා දුන් කරුණාරත්නයන් ඉතිරි පිරිසට ඇතුළත් වන්නේ අතේ වැළමිටෙන් හෝ පාදයේ දණහිසෙන් පහත අහිමි පිරිස් බව පෙන්වා දුන්නේය.

ජයග්‍රාහී කණ්ඩායම කණ්ඩායම් නිලධාරීන් සහ ඩයලොග් නිලධාරීන් සමග ඡායාරූප සදහා පෙනී සිටි අයුරු සහ තරගාවලියේ හොදම ලිබරෝ ක්‍රීඩකයා වූ එම්ඒ බුද්ධික සුපිරි ක්‍රීඩා කැමරාවට මුහුණ දුන් අයුරුයි.